අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නට අගෝස්තු 29වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (20) නොතිසි නිකුත් කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 60 (1) වගන්තිය යටතේ මෙම නොතීසි නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)