21 August 2025

logo

පානීය ජල බෝතලයක් වැඩි මිලට විකුණු ආයතනයකට දඩයක්



රුපියල් 70ක් වටිනා පානීය ජල බෝතලයක් රුපියල් 200කට අලෙවි කිරීමට එරෙහිව රුපියල් 500,000ක දඩයක් නියම කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (20) මෙම දඩය නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
 
Port City වෙරළ තීරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට මෙම දඩ මුදල නියම කර තිබෙනවා. 

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදු කළ වැටලීමකින් අනතුරුව මෙම නඩුව ගොනුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)