බගවන්තලාව සමනළ ස්වාභාවික රක්ෂිතයේ අද (20) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.
බගවන්තලාව පොලිස් වසමට අයත් ෆෙට්රොසෝ වතුයායේ ෆ්‍රීඩ්ලන්ඩ් කොටසේ තේ වත්තට ඉහළින් වූ සමනළ ස්වාභාවික රක්ෂිතයේ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට එම රක්ෂිතයට හැටන් වන අඩවි කාර්යාලයේ නිළධාරීන්, බගවන්තලාව පොලීසියේ නිළධාරීන් සහ එම වතුයායේ වතුකම්කරුවන් පිරිසක් පිවිස තිබෙනවා.
(colombotimes.lk)