ඉන්දියාවේ අගනුවර වන මුම්බායිවලට මේ දිනවල දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් හටගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජන ජීවිත අඩාල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
මුම්බායිහී මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවත් ගුවන්ගමන් සහ දුම්රිය සේවා අවලංගු කිරීමට සිදුවී තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම එම නගරයට සහ එහි අසල්වැසි දිස්ත්‍රික්කවලට රතු අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අද (20) දිනයේත් තද වැසි ඇතිවන බවයි.
ගෙවුණු දින 04ක කාලය තුළ මුම්බායි නගරයට මිලිමීටර් 800ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර එය මෙම මාසයේ නගරයට ලැබෙන සාමාන්‍ය වර්ෂාවට වඩා අධික බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ අනතුරු හේතුවෙන් පුද්ගලයන් 21දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)