19 October 2025

logo

දේවගැති ජෙරොම් ගැන තවත් අභියාචනාධිකරණ නියෝගයක්



ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා ගුවන් තොටුපළට හෝ වෙනත් ස්ථානයකට පැමිණීමේදී අත්අඩංගුවට නොගන්නා ලෙසට අභියාචනාධිකරණය අද පොලිසියට නියෝගයක් නිකුත් කළා. 

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා විසින් ගොනු කරන ලද රිට් පෙත්සමකට අනුව අභියාචනාධිකරණ විනිසුරු (සභාපති) නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායිස් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කළා.
 
ඒ අනුව දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නා ලෙසත්, දිවයිනට පැමිණ පැය 48ක් තුළ රහස් පොලිසියේ ඩිජිටල් වෝහාරික අංශයට ප්‍රකාශයක් ලබාදිය යුතු බවටත් අභියාචනාධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)