ශ්රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම සමාගමේ හිටපු ප්රධාන විධායක කපිල චන්ද්රසේන ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය නියම කර තිබෙනවා.
මෙම නියෝගය කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග. එස්. බෝදරගම විසින් ප්රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
සැකකරු රුපියල් ලක්ෂ 05ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
