රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව සැකකාරිය රුපියල් 50000ක මුදල් ඇප සහ රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.
ඇයට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළුවීමද තහනම් කළ අතර විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන් වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය නමති වරද සිදු කළ බවට සැකපිට ඇයව අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)