colombotimes.lk
සිංහල | English

09 May 2024

"Crew" රුපියල් කෝටි 87 කට අධික ආදායමක් උපයයි



රාජේෂ් ඒ ක්‍රිෂ්ණන් විසින් අධ්‍යක්ෂණය කළ 'Crew' චිත්‍රපටය පසුගිය මාර්තු 29 වැනි දින සිනමාහල්වල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා.

ඒ අනුව එම චිත්‍රපටය මේ වන විට රුපියල් කෝටි 87 කට අධික ආදායමක් උපයා ඇති බවයි වාර්තා වන්නේ.

ගුවන් සේවා කර්මාන්තය සම්බන්ධයෙන් ගොඩ නැගී ඇති මෙම චිත්‍රපටය කරීනා කපූර්, ටාබු සහ ක්‍රිටි සැනොන් ගුවන් සේවිකාවන් ලෙස රංගනයෙන් දායක වනවා.

එමෙන්ම Diljit Dosanjh සහ Kapil Sharma ද මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා.

මෙහි නිෂ්පාදනය Rhea Kapoor සහ Anil Kapoor විසින් Anil Kapoor Film & Communication Network යටතේ සිදු කරන බවයි වාර්තා වන්නේ.
 
(colombotimes.lk)