ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 6.5%කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි මිල ඇමරිකානු ඩොලර් 96.25ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක නව මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 90.15ක් ලෙසයි.
ඉරානය සහ ඇමරිකාව අතර සාම සාකච්ඡා පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පැවතීම හේතුවෙන් මෙලෙස බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)
