ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ තෙල් මිල දළ වශයෙන් 6%කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙය අප්‍රේල් මස මුලදී ඇමරිකාව සහ ඉරානය අතර ඇති කරගත් සටන් විරාමයෙන් පසු වාර්තා වූ දරුණුතම ගැටුම්කාරී තත්ත්වයක් බවයි.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 6.79කින් හෙවත් 6.3%කින් ඉහළ ගොස් ඩොලර් 114.96ක් ලෙස සටහන් වී තිබෙනවා.
(colombotimes.lk)
