11 May 2026

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද්ධය අවසන් කිරීමේ ඇමරිකාවේ යෝජනාවට ඉරානය දැක්වූ ප්‍රතිචාරයට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එකඟ නොවීම හේතුවෙන් යළිත් වරක් බොරතෙල් මිල ඉහළ ගොස් ඇති බවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.1ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම ඩබ්ලිව්. ටී. අයි වර්ගයේ බොරතෙල් බැරලය මිල සටහන් වුණේ ඩොලර් 98.51ක් ලෙසයි.

(colombotimes.lk)