15 August 2025

logo

'පඬු කරඳ' ගස ඉවත් කිරීම ගැන පරිසර සංවිධාන වලින් විරෝධය



ගම්පහ දාරළුව පිහිටි 'පඬු කරඳ' හෙවත් කෲඩියා සිලනිකා නම් ගස පෙරේදා (10) එම ස්ථානයෙන් ඉවත් කර තිබුණා. 

අධිවේගී මාර්ගය ඉදිකිරීමට අදාළව රුපියල් බිලියන 15ක පාඩුවක් සිදුවීම වළක්වාගැනීම සඳහා කැබිනට් අනුමැතියට යටත්ව ගස ඉවත් කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. 
 
10 වනදා පස්වරුවේ පැමිණි කණ්ඩායමක් මිනිත්තු විස්සක වැනි කාලයක් ඇතුළත එම ගස ඉවත් කරගෙන ගිය බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. 
 
කෙසේවෙතත් තම ආයතනය නොදැනුවත්ව මෙම ගස ඉවත් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්.වි.එස්.වීරකෝන් මහතා පැවසුවා. 
 
ගම්පහ දාරළුව පිහිටි 'පඬු කරඳ' හෙවත් කෲඩියා සිලනිකා නම් ගස 2021 පෙබරවාරි මාසයේදී එම ස්ථානයෙන් ඉවත් කිරීමට සැලසුම් කෙරුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කොටසේ ඉදිකිරීම්වලට බාධාවක් බව පවසමින්. 
 
එම අවස්ථාවේ ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මියගෙන් සහ පරිසර සංවිධානවලින් ඊට ප්‍රබල විරෝධයක් එල්ල වුණා. 
 
පරිසර සංවිධාන ප්‍රවෘත්ති සාකච්ඡා කැඳවමින් මෙම සිද්ධියට විරෝධය පළ කළ අතර එහිදී ඔවුන් පැවසුවේ මෙම නීති විරෝධී ක්‍රියාවලිය සම්බන්ධව විමර්ශනයක් අවශ්‍ය බවයි.
(colombotimes.lk)
Pandu Karanda tree removed with Cabinet approval! (වීඩියෝ) – Sri Lanka  Mirror – Right to Know. Power to Change