රුපියල් ලක්ෂ 40ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සම්බන්ධයෙන් නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සදහන් කළේ නියෝජ්‍ය කොමසාරිස්වරයාට අමතරව සහකාර කළමණාකරුවරුන් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.