colombotimes.lk
සිංහල | English

07 October 2024


DP World ILT20 තරගාවලියට ලංකාවෙන් ක්‍රීඩකයන් 11ක්



DP World ILT20 2025 පන්දුවාර 20 ක්‍රිකට් ප්‍රීමියර් ලීගය සඳහා එහි කණ්ඩායම් විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 11දෙනෙක් මිල දී ගෙන තිබෙනවා.

ඒ අනුව Sharjah Warriors කණ්ඩායම විසින්  කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, අවිශ්ක ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංකව මිල දී ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

Dubai Capitals කණ්ඩායම දසුන් ශානක, දුශ්මන්ත චමීර සහ ජෙෆ්රි වැන්ඩර්සේ යන ක්‍රීඩකයන්ව මිල දී ගෙන තිබෙනවා.

එමෙන්ම MI Emirates කණ්ඩායම කුසල් ජනිත් පෙරේරා සහ  විජයකාන්ත් වියස්කාන්ත් මිලදී ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙහිදී වනිදු හසරංගව මිල දී ගෙන තිබෙන්නේ Desert Vipers කණ්ඩායම විසින්.

මේ අතර AbuDhabi Knight Riders කණ්ඩායම චරිත් අසලංකව මිල දී ගෙන තිබෙනවා.

2025 වසරේ ජනවාරි 11 වනදා සිට පෙබරවාරි 09 වනදා දක්වා මෙම තරගාවලිය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)