වනවාසල දුම්රිය අනතුර හේතුවෙන් දුම්රිය මාර්ග පද්ධතියට ලක්ෂ 17කට ආසන්න හානියක් සිදු වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එහි මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව සඳහන් කළේ අනතුර හේතුවෙන් අඩි 200කට ආසන්න ප්‍රමාණයක දුම්රිය පීලි, සිල්පර සහ දුම්රිය මාර්ග කොටස්වලට දැඩි ලෙස හානි සිදු වී තිබෙන බවයි.
එලෙස හානි වූ කොටස් මේ වන විට පිළිසකර කර ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එමෙන්ම දුම්රිය සංඥා පද්ධතියට සහ දුම්රිය මැදිරි හානි තක්සේරුව මේ වන විට සිදු කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
