ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානකට වසරක පාකිස්ථාන සුපර් ලීග් තරග තහනමක් පනවා තිබෙනවා.
ඒ පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය විසින්.
ඔහු පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියෙන් ඉවත්ව ඉන්දිය ප්‍රිමීයර් ලීග් තරගාවලියට සහභාගීවීම හේතුවෙන් මෙම තහනම පනවා තිබෙනවා.
ඒ අනුව දසුන් ශානකට ලබන වසරේ පැවැත්වෙන පාකිස්ථාන සුපර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)