24 March 2025


ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර 6වන දේශපාලන උපදේශන වටයට දින නියම වෙයි



ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටයේ 06වන වටය අනිද්දා (25) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ බැංකොක්හි තායිලන්ත විදේශ කටයුතු අමාත්‍යාංශයේදීයි.

මෙම උපදේශන වටයේ 5වන වටය 2023 වසරේ අගෝස්තු මාසයේදී කොළඹදී පවත්වා තිබෙනවා.

එම උපදේශන වටයේ ප්‍රගතිය සහ 2024 පෙබරවාරි මාසයේදී හිටපු තායි අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා නිල සංචාරයෙන් පසු ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් ඉදිරි උපදේශන වාරවලදී සමාලෝචනය කිරීමට නියමිතයි.

(colombotimes.lk)