2026 වර්ෂයේදී පැවැත්වීමට නියමිත විභාග සම්බන්ධයෙන් වන විශේෂ නිවේදනයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.
එම නිවේදනයේ සඳහන් වන්නේ 2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ 2026-02-17 සිට 2026-02-26 දක්වා පැවැත්වෙන බවයි.
එමෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගය 2026-08-10 සිට 2026-09-05 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
2026 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026-08-09වනදා පවත්වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
එමෙන්ම 2026 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026-12-08 සිට 2026-12-17 දක්වා පැවැත්වෙනවා.
(colombotimes.lk)