පුනරුදයේ පුරවරයක් බිහි කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන පළාත් පාලන සතිය අද සිට (15) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ අද සිට එළඹෙන 21වනදා දක්වා මුළු දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.
මෙම සතිය තුළින් ප්‍රජාවගේ දෛනික අවශ්‍යතා සපිරෙන බවත් ජීවත්වීමේ වටපිටාව සුරක්ෂිත කරන පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම අනාගත දැක්ම සුරක්ෂිත කරන පුරවරයක් බිහි කිරීම සිදු වන බවත් පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් සඳහන් කළා.
(colombotimes.lk)