සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික රජවත්තේ සංජු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ තියුණු කඩු 5ක් ගංජා කිලෝ 4ක් සහ යතුරුපැදියක් සමඟයි.
සැකකරු විදෙස් රටක සැඟවී සිටිමින් අපරාධ සහ මත්කුඩු ජාවාරමක නිරත අයෙක්ගේ ගෝලයෙක් බවත් පහරදීම් සහ මනුෂ්‍ය ඝාතන සඳහා අනුබලදීම් මෙන්ම මත්ද්‍රව්‍ය චෝදනාවලට සම්බන්ධ පුද්ගලයෙක් බවද පොලීසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(colombotimes.lk)