දුම්රිය ස්ථාන 100ක් නවීකරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මරදාන දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ද අද (15) අරම්භවීමට නියමිතව තිබෙනවා.
ඒ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.
තිරසර ප්‍රවාහන පද්ධතියකින් සමන්විත සුන්දර ජීවන රටාවක් අත්කර ගැනීම සඳහා දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නැංවීම, දුම්රිය ස්ථාන පරිසර හිතකාමී වඩාත් සුවපහසු හා ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබෙනවා.
මරදාන දුම්රිය ස්ථානයේ පෞරාණිකත්වයට හානියක් සිදු නොවන පරිදි නවීකරණ කටයුතු සිදු කිරීමට නියමිතයි.
(colombotimes.lk)