පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළේ නවීකරණ කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක අවස්ථාව මේ වන විට ආරම්භ කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්
1964 වසරේ ඉදිකර ඇති පිටකොටුව බස්නැවතුම්පොළ අවුරුදු 60කට පසුව මෙලෙස ප්‍රතිසංස්කරණයට ලක්වනවා.
මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල සඳහන් වන්නේ රුපියල් මිලියන 424ක් ලෙසයි.
මෙම නවීකරණය යටතේ බස් නැවතුම්පොළට නව විවේකාගාර, තොරතුරු සන්නිවේදන ස්ථාන, ආරක්ෂක පද්ධති ඇතුළු අංග රැසක් ස්ථාපිත කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)