තුවාල සහිතව මියගොස් සිටි කඳුකර කොටියෙක්ගේ සිරුරක් ඊයේ (09) දිඹුල පතන පොලිස් වසමට අයත් මේෆිල්ඩ් වතුයායේ තිබී සොයාගෙන තිබෙනවා.
නල්ලතන්නිය වනජීවී නිලධාරීන් කියා සිටියේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 03ක් වන ගැහැණු කොටියෙක් බවයි.
එම කොටියාගේ හිසට බරපතල ලෙස තුවාල සිදු වී තිබෙනවා.
වනජීවී නිලධාරීන් වැඩිදුරටත් කියා සිටියේ එම තුවාලය වාහනයකට ගැටී හෝ කිසියම් පුද්ගලයෙක් විසින් පහරදීමෙන් සිදු වූ දෙයක් බවයි.
එලෙස මියගිය කොටියාගේ සිරුර හැටන් හැටන් මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රන්දෙණිගල වනජීවී පශු වෛද්‍ය රෝහල වෙත යොමු කර තිබෙනවා.
(colombotimes.lk)