19 June 2026

logo

ලෙබනනයේ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළට



ඊශ්‍රායලය විසින් ලෙබනනයට එරෙහිව එල්ල කරන ප්‍රහාරවලින් අවම වශයෙන් 886දෙනෙක් මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2,141දෙනෙක් තුවාල ලබා ඇති බවයි. 

ඊශ්‍රායලය විසින් එල්ල කරන ගුවන් සහ ගොඩබිම් ප්‍රහාර හමුවේ මෙම මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මාර්තු 2වනදා සිට මේ දක්වා කාලය තුළ අවම වශයෙන් සෞඛ්‍ය සේවකයන් 38දෙනෙක් මියගොස් ඇති බවයි.

එමෙන්ම තවත් 69දෙනෙක් ද තුවාල ලබා තිබෙනවා. 

මෙලෙස අඛණ්ඩව එල්ල වන ප්‍රහාර හේතුවෙන් දහස් සංඛ්‍යාත සිවිල් වැසියන් සිය නිවෙස් අත්හැර ආරක්ෂිත ස්ථාන කරා යමින් සිටින බවයි වාර්තා වන්නේ. 
 
(colombotimes.lk)