27 December 2024


අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අද දෙවන දිනටත්



අතුරු සම්මත ගිණුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) දෙවන දිනටත් පැවැත්වෙනවා.

2025 වස‍රේ පළමු මාස 4ක කාලය සඳහා රජයේ අත්‍යවශ්‍ය වියදම් කළමනාකරණය සහ ණය සේවාකරණය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා වන අතුරු සම්මත ගිණුම ඊයේ (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

එහි මුළු ඇස්තමේන්තු ගත මුදල දැක්වෙන්නේ රුපියල් බිලියන 2600ක් ලෙසයි.

2025 වසරේ මුල් මාස 4 සඳහා පුනරාවර්ථන වියදම් ලෙස රුපියල් බිලියන 1000ක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කර ඇති මුදල දැක්වෙන්නේ රුපියල් බිලියන 425ක් ලෙසයි.

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අමතරව අනෙකුත් ණය සේවාවන් සඳහා රුපියල් බිලියන 1175ක් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

මෙම අතුරු සම්මත ගිණුම අද (06) පස්වරුවේ සම්මත කරගැනීමට නියමිතයි.

(colombotimes.lk)