13 August 2025

logo

සෞඛ්‍ය වර්ජනය ගැන තීරණයක් ගනියි



ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (11) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ දීප ව්‍යාප්ත වර්ජනයක අත්හිටුවා තිබෙනවා. 

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ බවයි වාර්තා වන්නේ. 

සිය ඉල්ලීම්වලට අද (11) පෙරවරු 8.00ට පෙර විසඳුම් ලබා නොදෙන්නේ නම් මෙය ක්‍රියාත්මක කරන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ලැබුණු ධනාත්මක සහ සාධනීය ප්‍රතිචාර සලකාබලමින් මෙලෙස දීප ව්‍යාප්ත වැඩවර්ජනය අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)