නීතිඥවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ වාහනවල හඳුනාගැනීමේ ලාංඡන ඉවත් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (21) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.
එමෙන්ම එවැනි කටයුත්තක් සිදු කිරීමට බලාපොරොත්තුවක් හෝ නොමැති බවද සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)