25 May 2026

logo

වැස්සත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට



පවතින වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

ඒ අනුව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර සඳහන් කළේ මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 28 713 ක් වාර්තා වී ඇති අතර එම කාලසීමාවේදී ඩෙංගු මරණ 15 ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම මදුරු ගහනය ඉහළ යාම පාලනයට ජනතාවට පියවර ගන්නා ලෙසද ඇය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)