19 June 2026

logo

ඩෙංගු ව්‍යාප්තිය වේගවත් වෙයි



මේ වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 33,572ක් සහ මරණ 19ක් වර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. 

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ මැයි මාසයේදී පමණක් ඩෙංගු රෝගීන් 8321ක් වාර්තා වී ඇති බවයි. 

මෙම රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන තිබෙනවා. 

ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා වැඩිදුරටත් සඳහන් කළේ ඩෙංගු රෝගීන්ගෙන් 50%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි. 

(colombotimes.lk)