20 January 2025


යළි සහල් ආනයනය නොකරන බව නියෝජ්‍ය ඇමති කියයි



යළි සහල් ආනයනය කිරීමට අවශ්‍යතාවයක් නොමැති බව වෙළෙඳ වාණිජ සහ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන ප්‍රකාශ කළා.

ඒ ලුණුගම්වෙහෙර, පන්නෙගමුව ප්‍රදේශයේදී අද (11) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු කියා සිටියේ මෙරටට සහල් ආනයනය කිරීමේ චක්‍රලේඛය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකරන බවයි.

සහල් ආනයනය කිරීම සඳහා රජය ලබාදී තිබූ කාලය ඊයේ (10) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණා.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට ආනයනය කර රේගුවෙන් නිශ්කාෂනය කර ඇති සමස්ත සහල් ප්‍රමානය මෙට්‍රික් ටොන් 167,000 ඉක්මවන බවයි.

(colombotimes.lk)