13 November 2025

logo

මෙරට මුහුදු සීමාවේ මෙහෙයුම් තීව්‍ර කරයි



මෙරට මුහුදු සීමාවේ නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් වැඩි කර තිබෙන බව ධීවර ජලජ සහ සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා. 

ඔහු කියා සිටියේ ධීවර අමාත්‍යාංශය, නාවික හමුදාව සහ පොලීසිය එක්ව මෙම වැටලීම් සිදු කරන බවයි. 

වසරේ ගතවූ කාලය තුළ ඉන්දීය ධීවරයන් 328ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

එමෙන්ම ඉන්දීය ධීවර යාත්‍රා 41ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)