සංවිධානාත්මක අපරාධකරුවෙක් වන 'ලොකු පැටීගේ'ගෝලයන් දෙදෙනෙක් ජාවාරම් මුදල් ලක්ෂ 26ක්, හෙරොයින් මත්කුඩු තොගයක්, යතුරුපැදියක් සහ ජංගම දුරකථන 2ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඌරගස්මන්හන්දිය සහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 24 සහ 27 හැවිරිදි තරුණයන් දෙදෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
ජංගම සංචාරයේ නියැලී සිටින පොලිස් කණ්ඩායම විසින් අළුත්ගම ප්‍රදේශයේදී සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකකරුවන් ඊසිකෑෂ් ක්‍රමයට මත්කුඩු ජාවාරමේ නිරතව සිටින බවට මෙතෙක් සිදු කළ පරීක්ෂණවලදී අනාවරණය වූ බවයි.
බැංකු වාර්තා, දුරකථන වාර්තා ලබාගෙන වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.
(colombotimes.lk)
