colombotimes.lk
සිංහල | English

27 April 2024

ධනංජය අධි වේගයෙන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට



ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ICC නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ස්ථාන 15 කින් ඉදිරියට පැමිණි ඔහු එම ලැයිස්තුවේ 14 වන ස්ථානය හිමි කර ගැනීමට සමත් වුණා.

එමෙන්ම හිටපු නායක දිමුත් කරුණාරත්න එම ලැයිස්තුවේ 7 වන ස්ථානයේ පසුවනවා.

ටෙස්ට් පන්දු යවන්නන් අතර දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය රැදී සිටින්නේ 8 වන ස්ථානයේයි.

 
(colombotimes.lk)