04 September 2025

logo

රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කරයි



සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර වෙනුවෙන් රත්නපුර - පානදුර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. 

සබරගමුව මහ සමන් දේවාලයේ වාර්ෂික ඇසල පෙරහැර ඊයේ (03) සිට 08වනදා දක්වා සෑම දිනකම සවස 6.00 සිට පසුදින අළුයම 2.00 දක්වා රත්නපුර - පානදුර ප්‍රධාන මාරගයේ වීදී සංචාරය කිරීමට නියමිතයි. 

එමනිසා පෙරහැර ගමන් ගන්නා කාලය තුළ රත්නපුර - පානදුර මාර්ගයේ ගමනාගමනය සීමා කර ඇති අතර ඒ සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මහජනතාවගෙන් සහ රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටිනවා. 





(colombotimes.lk)