04 September 2025

logo

හබරණදී කෙනෙරක් දුම්රියක ගැටෙයි



ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ඊයේ (03) රාත්‍රියේ ධාවනය වූ තැපැල් දුම්රියේ කෙනෙරක් ගැටී තිබෙනවා.

ඒ හබරණ, පළුගස්වැව අතර දුම්රිය මාර්ගයේ 128යි භාග කණුව අසල ප්‍රදේශයේදීයි.

වයස අවුරුදු 20ක් පමණ වන කෙනෙරක් මෙලෙස දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රියේ ගැටුණු වනඅලියාගේ ඉදිරි දකුණු පාදයට තුවාල සිදු වී තිබෙනවා.

වනජීවි නිලධාරීන් සඳහන් කළේ වන අලියාගේ පාදයට ප්‍රතිකාර කිරීමේ කටයුතු අද (04) පණ්ඩුල ගම පශු වෛද්‍ය ඒකකය ආරම්භ කරන බවයි.

(COLOMBOTIMES.LK)