04 September 2025

logo

ජනපතිගේ විශේෂ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිවෙයි



නිර්වාසික සැපයුම්කරුවන් විසින් ඉලෙක්ට්‍රොනික වේදිකා හරහා සේවා සැපයීම සඳහා එකතු කළ අගය මත බද්ද බලාත්මක කිරීමේ දිනය සංශෝධනය කිරීමට කටයුතු කර තිබෙනවා.

2025 අංක 4 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත මඟින් 2025-10-01 දින සිට බල පැවැත්වෙන පරිදි නිර්වාසික තැනැත්තෙක් විසින් ඩිජිටල් සේවා සැපයීම එකතු කළ අගය මත බද්දට යටත් කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බද්ද අය කිරීමේදී එයට අනුකූල වීම සඳහා සූදානම් වීමට අමතර කාලයක් ලබා දෙන ලෙස ප්‍රායෝගික හේතූන් කිහිපයක් දක්වමින් නිර්වාසික ඩිජිටල් සේවා සපයන්නන් ඉල්ලා තිබෙනවා.

ඒ අනුව 2025-10-01 දින වෙනුවට අදාළ බද්ද බලාත්මක කිරීමේ දිනය 2026-04-01 ලෙස සංශෝධනය කිරීමට සහ ඒ සඳහා අදාළ සංශෝධිත විධිවිධාන දැනටමත් කෙටුම්පත් කෙරෙමින් පවතින එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පතට ඇතුළත් කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණා.

(COLOMBOTIMES.LK)