2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය ලකුණු 47කින් ජයග්‍රහණය කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වුණා.
මෙහිදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංඛ සිය මංගල IPL තරග සඳහා සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම විශේෂත්වයක්.
එමෙන්ම සන්රයිසස් කණ්ඩායම වෙනුවෙන් එශාන් මාලිංග සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක මෙම තරගයේදී ක්‍රීඩා කළා.
ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 242ක් රැස් කිරීමට සමත්වුණා.
එහිදී අභිෂේක් ශර්මා පන්දු 68කින් නොදැවී ලකුණු 135ක් රැස් කළා.
අනතුරුව ලකුණු 243ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් දිල්ලි කැපිටල්ස් ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සමඟින් ලෝකේශ් රාහුල්.
එහිදී ලකුණු 8ක් ලබා සිටි පැතුම් නිස්සංකව සිය මංගල IPL කඩුල්ල ලෙස දවා ගැනීමට ඩිල්ශාන් මධුසංඛ සමත්වුණා.
එමෙන්ම පන්දු යැවීමේදී එශාන් මාලිංග සිය පන්දුවාර 4 ලකුණු 32කට සීමා කරමින් කඩුලු 4ක් බිඳ දැමුවා.
ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 9ක් දැවී රැස් කිරීමට හැකියාව ලැබුණේ ලකුණු 195ක් පමණයි.
(colombotimes.lk)
