24 May 2026

logo

දියේ ගිලීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



දියේ ගිලීමෙන් ඊයේ (23) සවස පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ මහව පොලිස් වසමට අයත් උණගහයාය වැවේ දිය නාමින් සිටියදීයි.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 57ක් වන මහව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා වැවේ දිය නාමින් සිටි අවස්ථාවේදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

(colombotimes.lk)