නීතිවිරෝධී ලෙස පුරාවස්තු කැණීම් සිදුකළ සැකකරුවෙක් සහ සැකකාරියක් කැණීම් උපකරණද සමඟ අම්පාර පොලිස් වසමේ ගල්මඩුව ප්‍රදේශයේදී ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පුරාවස්තු ආරක්ෂක ඒකකයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වයස අවුරුදු 64ක් වන සහ 48ක් වන ගල්මඩුව හා හිඟුරාණ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
(colombotimes.lk)
