බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂව විනය පරීක්ෂණයක් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
ඒ පසුගිය කාලයේ ඇති වූ ඖෂධ හිඟය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැඳවීමකට අනුව ඔහු මේ වන විට රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
පසුගියදා ඇල්ල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ බිහිසුණු අනතුර සිදු වූ අවස්ථාවේදී සිය ජීවිත අවධානමද නොතකා වෛද්‍ය පාලිත රාජපක්ෂ අනතුරට පත්වූවන්ගේ ජීවිත බේරා ගැනීමට කැපවීමෙන් කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)