13 December 2025

logo

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම අදින් ඇරඹෙයි



පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම අද (17) සිට ආරම්භ කර තිබෙනවා.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් සඳහන් කළේ ලබන 29වනදා දක්වා එම කටයුතු සිදුවන බවයි.

ඒ සඳහා තැපැල් බෙදුම්කරුවන්ට අවශ්‍ය උපදෙස් ලබාදී ඇති  බවද ඔහු සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තැපෑලට භාරදුන් පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් බෙදා හැරීම ද මේ වන විට සිදු කරන බවයි.

(colombotimes.lk)