ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය පවසනවා.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් සඳහන් කළේ රෝග නිර්ණය සඳහා පරීක්ෂණයක්ද සිදු කළ බවයි.
ජනාධිපතිවරයාගේ අතෙහි තැලීම් සහ කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුව මෙම පරීක්ෂණය සිදු කර තිබෙනවා.
(colombotimes.lk)