14 January 2026

logo

මුස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක් - 70ක් ජීවිතක්ෂයට



සුඩානයේ ඩාර්ෆූර් ප්‍රදේශයේ පිහිටි මුස්ලිම් පල්ලියකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 70කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවයි. 

මෙම ඩ්‍රෝන ප්‍රහාරයට පැරාමිලිටරි කණ්ඩායමක් වන RSF වගකිව යුතු බව බලධාරීන් ප්‍රකාශ කළද එම කණ්ඩායම ප්‍රහාරයේ වගකීම මෙතෙක් භාරගෙන නොමැති බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)