විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනුරුත්ථාපනය සඳහා යොමුවීම ඉහළ ගොස් ඇති බව පුනුරුත්ථාපන කාර්යාංශය පවසනවා.
පුනුරුත්ථාපන කාර්යාංශය සඳහන් කළේ කන්දකාඩු, සේනපුර සහ වව්නියාව යන පුනුරුත්ථාපන මධ්‍යස්ථානවලදී පුද්ගලයින් 609දෙනෙක් මේ වන විට පුනුරුත්ථාපනය කෙරෙන බවයි.
එම මධ්‍යස්ථානවල පුද්ගලයින් 1,120ක් පුනුරුත්ථාපනය කිරීමේ හැකියාව පවතින අතර ඒ අනුව තවත් 511දෙනෙක් සඳහා ඉඩපහසුකම් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)