13 December 2025

logo

උත්සව සමයේ මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි වෙයි



උත්සව සමය හේතුවෙන් පොලිස් මත්ද්‍රව්‍ය වැටලීම් දැඩි කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
 
අමාත්‍යවරයා සඳහන් කළේ බීමත් රියදුරන් හඳුනා ගැනීමටද විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි.

එමෙන්ම ලබන්නාවූ සිංහල අලුත් අවුරුද්දේ අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද ඔහු ජනතාවට දැනුම් දී තිබෙනවා.

උත්සව සමයේ දිවයින පුරා පොලිස් නිලධාරීන් 35,000කට අධික ප්‍රමාණයක් ආරක්ෂාවට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)