සංගීත සංදර්ශනයකදී රෝබෝවරයෙක් එම සංදර්ශනයට සහභාගී වූ සංගීත කණ්ඩායම මෙහෙයවා තිබෙනවා.
ඒ, පසුගියදා දකුණු කොරියාවේ Seoul අගනුවර පැවැති ජාතික සංගීත ඛණ්ඩයේ සංගීත සංදර්ශනයකදී.
මෙම අවස්ථාව සඳහා එරට තාක්ෂණික ආයතනය විසින් නිර්මාණය කළ රොබවරයෙක් යොදාගෙන තිබෙනවා.
එම ආයතනය විසින් තවත් මෙවැනිම රෝබෝවරයෙක් නිර්මාණය කර තිබෙන බව සඳහන්.
දකුණු කොරියාව තුළ මෙවැනි සිදුවීමක් සිදුවුණු පළවෙනි අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්ව තිබෙනවා.
මෙම රොබෝ පැමිණ සිටි පිරිසට ආචාර කරමින් සංගීත සංදර්ශනය ආරම්භ කිරීමත් විශේෂත්වයක්.
(colombotimes.lk)