22 October 2025

logo

EPF අරමුදලේ පූර්ව ප්‍රතිලාභ පරික්ෂා කිරීම Online වෙයි



සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට අන්තර්ජාලය හරහා (Online) විශ්‍රාම පූර්ව ප්‍රතිලාභ ලබාගැනීමට ඇති හැකියාව පරීක්ෂා කරගත හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ http://www.labourdept.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකියි. 
 
අදාළ සාමාජිකයා සියයට තිහේ ප්‍රතිලාභ ලබාගැනීමේ සුදුසුකම් සපුරා තිබේද යන්නද එහි සඳහන් වන බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.
(colombotimes.lk)