01 April 2025


භූ කම්පනයෙන් මියගිය ගණන තවත් ඉහළට



මියන්මාර භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 10,000 ඉක්මවන බවට ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ඒජන්සිය පුරෝකතනය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ භූ කම්පනය හේතුවෙන් මේ වන විට 150කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි.

ඒ අතර මියන්මාරයේ 144 දෙනෙක් සහ තායිලන්තයේ බැංකොක්හි පුද්ගලයින් 10දෙනෙක් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම මියන්මාරයේ තුවාල ලබා ඇති සංඛ්‍යාව 730කට අධික බවයි වාර්තා වන්නේ.

තායිලන්තයේ ඉදිකිරීම් ස්ථාන 3ක සිදු වූ අනතුරුවලින් පුද්ගලයින් 16දෙනෙක්ද තුවාල ලබා ඇති අතර පුද්ගලයන් 101දෙනෙක් අතුරුදන් වී තිබෙනවා.

මෙය වසර 100කට වැඩි කාලයකට පසු මියන්මාරයට බලපෑ ප්‍රබලම භූ කම්පනය බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)