colombotimes.lk
සිංහල | English

29 April 2024

දකුණු අප්‍රිකාවේ පාස්කු බැතිමතුන් රැගත් බස් රථයක් පෙරළෙයි



පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රථයක් දකුණු අප්‍රිකාවේ ප්‍රපාතයකට පෙරළී අනතුරකට ලක් වී තිබෙනවා.

අනතුරින් රියදුරා ඇතුළු බස් රථයේ ගමන් කරමින් සිටි 45දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.  

පාස්කු දේව මෙහෙයකට සහභාගී වීමට බැතිමතුන් සමඟ එම බස් රථය අසල්වැසි බොට්ස්වානා රාජ්‍යයේ ගබෝන් සිට පැමිණි බව දකුණු අප්‍රිකා ප්‍රවාහන අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වනවා.

අනතුරට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

(colombotimes.lk)