10 February 2025


බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදකයන් දැඩි අසීරුතාවයක



වෙළඳපොළේ මේ වන විට බිත්තර සහ කුකුළු මස් මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් එම නිෂ්පාදකයන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.

සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කළේ සත්ත්ව ආහාර ලෙස ඉරිඟු සහන මිලට ලබාදීමට පියවර ගත යුතු බවයි.

එහි සභාපති මාතලී ජයසේකර ඊයේ (09) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළා. 

(colombotimes.lk)